Monday, November 28, 2011

නිලතල හා උඩගු කම

ඔන්න ඉතින් කලින් කිව්වා වගේම මිනිස්සු හරිම විවිදයි. 

ඒ අය නිතරම වෙනස් වෙනවා. ඒ ගැන හැමෝටම මොකක් හරි එක අත්දැකීමක් හරි ඇති කියලා හෙල විරුවා හිතනවා. ඒක එහෙම වෙන්න ඔනේ නේද?

…අද සමාජයේ බොහො දෙනෙක් ජීවත් වෙන්නේ රස්සාවක් කරල නෙමෙයි නිල තල විකුණගෙන කිව්වොත් වාඩාත් නිවැරදි වෙයි. ඒත් කියන්න ඔනේ තමන්ගෙ නිලතල වල ගෞරවය ඉහලින්ම රකින අයත් මේ රටේ ඔනෑ තරම ඉන්නවා. ඒත් බොහො දෙනෙක් යන්නේ අර කලින් කිව්ව වැරදි පාරේ. මොනව කරන්නද? පූරුවේ කල පව තමා... ඔහොම තම ගොඩක් අය හිතන් ඉන්නේ. ඒකත් වෙන්න බැරි කමක් නෑ. මක්නිස්සදය්ත් බෞද්ධාගමගේ අපි කර්මය හා පුනර්භවය විස්වාශ කරනවා.

…ඒත් හැම දෙයක්ම කරුමෙට භාරදීල මිනිස්සුන්ට ඇග බේර ගන්න බෑ කියල මතක් කරන්නයි වුවමනාව.

…මේක මගේ අත්දැකීමක්...

…සිදුවෙන්නෙ කොළඹ ප්‍රදේශයේ රත්මලානේ..

…රත්මලාන කිව්වව නොදන්න කෙනෙක් ඉන්න අමාරු ඔන් කොක්ටත් කියල්ක දන්නෙම නැත්නම් ගූගල් සිතියම පිහිටෙන් වත් දැනගන්න කියල කියනවා.

…ඉතින් රත්මලානේ ජර්මානු කාර්මික පුහුණු ආයතනය වගේම තවත් අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම විවිධ වෘර්තීය පුහුණු ආයටහනද තියෙනවා. ඔන්න ඔය එක තැනකදි මම දැක්ක දෙයක් ඒ කියන්නේ අපෙ හෙල විරුවා ටීම් එක (hela viruvaa team) දැක්ක දෙයක් තමා මේ කියන්නේ.

…මේක පරිඝණක පුහුණු කිරීමේ අංශයේදී තමයි අත්විදින්න උනේ.
…මෙහි ගුරුවරු දෙන්නෙක් වගේම තම සහයට කෙනෙකුත් ඉදියා. මීට ටිකකලකට කලින් ඔය ඉදියා කිව්ව සහයක කෙනා අස්වෙලා ගියා. ගියේ නම් හොද දේකට. අපි එයාව X කියල හදුන්වමු නම් කියන්න හොද නෑනේ. හෙල විරුවා ගාව සෑම විස්තරයක්ම තියෙනවා නමුත් නම් ගම් දාන එක සදාචාරාත්මක නෑ.

…X කියන කෙනා අස්වීම එතනට ලොකු පාඩුවක් උනා. මොකද X හරියට තමන්ගේ රාජ කාරිය ඉටු කරපු කෙනෙක්. හැබෑවටම රාජකාරිය දේව කාරියට ඉහලින් තියගෙන තමන්ගේ වැඩ කලා කිව්වානම් තවත් සදාරණයි. X කාටත් හිතවත් . අපේ ඔය X නැතිවුන එක ගුරු දෙපලටත් ලොකු ගැටලුවක් උනා. ඒ නිසාම ප්‍රධාන ගුරු තැන පොඩි යෝජනාවක් කලා. "අපි අපේ කණ්ඩායමෙන් සහයකයෙක් හොයා ගමුද?" ඕක කිව්ව විතරයි සමහර අය උඩ පනිනවා. ඔය අතරෙම කිව්ව "කැමති ඈයෝ ඉන්නව නම් දන්වල තියන්න" ඔන්න ඉතින් වැඩේ හරි.

…කාට කාටත් හොරා එක එක්කෙනා වැඩෙට සෙට් වෙන්න ෆුල් ට්‍රයි එක. ඔහොම දවස් ගෙවෙද්දි එක දවසක් ගුරු කෙනෙක්ගේ කටින් අමුතු වදනක් කියවුනා. ඒ අප අතරම සිටි අයකුගේ නමත් එක්කම එයාට අපි ගනිමු ‍‍Y කියලා. කිව්වෙ සහයකයගේ රජකරියක් ගැන, ඒක ඔයාලට කියල වැඩක් නම් නෑ. කවුරුත් ඇහුවා Y  ඔයානේද? ඊලග කෙනා කියලා? අහෝ අහනවටත් පව් මොකද කිව්වෙ මම ඒක දන්නේ නෑ කියල. ඒත් එයා තමයි එතන ඉදපු ලොකුම පන්ඩිතයා. පන්ඩිතයණ්ට ඒදණ්ඩේ යන්න බෑ කියන එකත් මේ ගමන්ම මතක් කරනවා. තව දවස් කීපයක් ගියා.  දැන් බල්ලො මල්ලෙන් එලියට එන්න අරන්. දැන් Y හෙන පාට් දානව.

…නිලතල හරියට  ලැබෙන්න කලින්ම මෙහෙමනම් ලැබුනොත් කොහොම තියේවිද? අන්න එතනයි අපට ආව ගැටලුව. දේශන හා ප්‍රායෝගික කාලය තුල ජංගම දුරකථන භාවිතය තහනම්. නමුත් නිලයේ උණුසුම වදිනකොට එව බල්ලට ගිහින්. එම කාලය තුල ජංගමදුරකතන භාවිතා කරනවා හෙල විරුවාගේ ඔත්තු කාරයෙක් නම් හොදින් දැකලා තියෙනවා.. හැමදේම තමා දන්නවා කියල පෙන්නන්නත් උත්සාහ කරනව කියල අපට ආරංචි උනා. ඒකට තව බලපානවා ගුරු තැන්වල ක්‍රියාකලාපය. ඒවාඅයෙත් ගොඩක් වැරදි හෙල විරුවට පෙනුනා ඒ දේවලුත් ලගදීම එලි දක්වන්නම්.

අපට කියන්න ඔනෑ වුනේ මෙකයි මෙහෙම පුහු උඩගු කමක් ඇගේ තවරගෙන නිලතල දරන්න උත්සාහ කලා ඉතින් ඒ අයව සමාජෙට එපා වෙනවා. එහෙව් එකේ මෙන්න මේ වගේ වැරදි කරනේ නැතිව හරියට සමාජයේ ඉන්න කියලයි අපි කියන්නේ. එතකොට හෙල විරුවටත අත් ගැලවෙනකම් අකුරු බදින්නෙ නැතුව පාඩුවෙ ඉන්න කාලයක් ලැබේවි. ලගදීම ආයේ හමුවෙමු.

…තුනුරුවණ් සරණයි!

සිංහලේ අභිමානය රකින්නට වෑයමක්

ඉතින් ආයුබොහෝවන් කියල පිලිගන්නවා අපේ හෙල විරුවා සටහන වෙත. එදා සටන් වැදුනු අපේ විරුවන්ගේ පිට පැත්තේ ලේ සලකුණු තිබුණේ නෑ කියන වදන මතක් කරලම වැඩේට බහිමු.

…ඇයි මේ වගේ සටහනක් ලියන්න කියල හිතුනේ....?

…ඇඩ්සෙන්ස් දාල ගානක් හොයාගන්නද....?

…බොරු දෙකක් තුනක් දාල රජ වෙන්නද....?

…නෑ....
…ඇත්තෙන්ම එහෙම අරමුණකින් නම් නෙමෙයි.

…හැබැයි ඉදිරියේ ලියන ලිපි කියෙව්වම සමහරුන්ගේ (සම හරක් කිව්වොත් නිවැරදී ) හිත රිදේවි. නැත්නම් රෙදි ගැලවේවි. ඒත් කරන්න දෙයක් නෑ. ඇත්ත කියන්නයි වැඩේ පටන් ගත්තේ. මේ සමාජයේ විවිධ අය ඉන්නවා... එයලගේ අමුතු පුරාජේරුව ගැන අපි ඉස්සරහට බලමු. දැනට එහෙනම් ගිහින් එන්නම්...

…හැමෝටම සම්මා සම්බුදු සරණයි!